Thursday, 30 June 2011

නොගිලිහෙන ප්‍රේමය

ගිලිහිලා නටුවෙන්
අයාලේ ගිය සිතට
නවාතැන් පොලක් විය
මඟ රැඳුණු කටු ලැහැබ

ස්නේහයේ කටු පදුර
වැළද ගත් හෙයින් මල
පෙම් සුවඳ මුසු කලා
මල එයට තුති ලෙසට

හමා උඩු සුළඟ
කටු අගින් මුදද්දී
හඬා වැටුණා මලම
සීරිලා කටු වලට

ගෙන ගියත් මල ඈත
පිදූ පෙම් සුවඳ හා
මල් පියල්ලක් තවම
රැදී ඒ කටුව මත....

3 comments:

  1. ස්නේහයේ කටු වලින්
    සීරෙනා බව දැනන්
    වෙන්ව යන තුරු ඉතින්
    විදියි සුව පෙම් වතුන්
    nice...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඔබේ පසුවදනට...

    ReplyDelete
  3. අමනාපයි තවමත් සිත
    නුඹ සමඟ උඩු සුළඟ........

    දුක හිතුනෙ මේ තරම්,
    මා මෙතෙක් රැක ගත්තු
    ඇගේ ඒ සොඳුරු වත
    මගෙම කටු මතින් පෙලා
    ඈ රැගෙන ගිය බැවිනි....
    ඈ රැගෙන ගියා නම්
    ඇගේ සිත නොරිදවා
    මා සිතට මේ තරම්
    දුක සිතෙන්නේ නොමැත......

    -- --(කටු පඳුර කී කව....

    ReplyDelete