Sunday 3 July 2011

අහිමි සිත..

කුරා කුහුඹියෙකුටවත්
ඇතුල් වන්නට නොදී
බලා ගත් මා සිතින්
ලැගුම් ගන්නට ඉඩක්
අයදිද්දි නුඹ ඇවිත්

සිය වරක් දහස්වර
සිතුවිලිත් මෙහා කර
සොයා ගත් ඇබින්දක්
වෙන් කලා නුඹට මම......



ඒ ඇබින්දත් අරන්
බිඳෙන් බිඳ
මුළු හිතම
අයිති කර ගනිද්දිත්
ඔහෙ බලා උන්නු මට
හිලව්වට නුඹේ ඒ  මුළු හිතම
නොවේ  .........
එහි යම් ඉඩක් වත් දෙන්න

No comments:

Post a Comment