Tuesday 7 June 2011

සෙනෙහෙ නිල් දිය...


සෙනෙහෙ නිල් දිය  
රැලිති හමුවේ
සිතුම් වෙරළෙහි 
රැඳුන සිතිවිලි
පුලින තලයම
නුඹත් එක්කම දුර ගියා....
නුඹ නැවත එයි
වෙරළ සිඹිනට
මගේ සිතිවිලි දුර තියා....
එදා ළඟ තිබු වෙරළ අද නැත
නුඹම එය ගෙන ගිය නිසා....
හොදින් පීරා බලනු දිය කඳ
මසිත ඔබ ළඟදැයි කියා...

No comments:

Post a Comment