Friday 17 June 2011

දෑ සමන් මල....

දෑ සමන් මල මමයි
නෙක සුවඳ විහිදනා
සමනලා නොවී නුඹ
බඹරිඳෙකු සේ වුනා

රුව දිලෙන උඩවැඩිය
මලක් ළඟ නැවතිලා
සමන් මල් සුවඳ නුඹ
ඒ රුවට යට කලා

හුදෙකලා නොවිමි මම
සමනලෙකු පැමිනුණා
මලේ පෙම් සුවඳ විඳ
මා ළඟම නැවතුණා

රුව විනා සුවඳ නැති
මලෙන් අවමන් ලබා
යළි නොඑන් බඹරිඳුනි
නුඹ වැඩියි දුර ගියා
.....


1 comment:

  1. යළි නොඑන් බමරිඳුනි...නුඹ වැඩියි දුර ගියා......
    බොහොම දරුණු තීරණයක් ටිකක් සෞම්‍ය විදියට කියලා තියෙනවා.....:)

    ReplyDelete