පායනා සඳවතිය කියනු මැන මට ඉතින්
මෙහි ආවේ මගෙ තනිය මකන්නද දුර ඉදන්
අහන්නෙමි යළිත් මම ඇදී එන මඳනලින්
හිතේ දුක අඩුවේද පවන් සැළුමුත් හෙමින්
ගඟුල ඔහෙ ගැළූමුත් ගී රාව නංවමින්
එය කොහේ නිවන්නද දැවෙන සිත ගිණියමින්
මල් සුවඳ හැමූමුත් පෙරදාක නොවූ මෙන්
නුඹෙ සුවඳ දැනෙනවා ඒ සුවඳටත් උඩින්
සඳ ද මල් හා පවන් කළත් නෙක විශ්මයන්
හැකිවේද පුරවන්න මසිත යළි නුඹට මෙන්