නුඹ ඇවිත් මගෙ ලඟට
හිට ගද්දි සීරුවෙන්
හෙලන ඒ සුසුම් රැල්
සිප ගනියි මගෙ කොපුල්
තෙරක් අතොරක් නැතිව
මුමුණනා වදන් වැල්
ගොළු වුනාදෝ වැදී
නුඹේ උණුසුම් පවන්
සියොලඟම අවුළුවා
දවාලන්නද ඉතින්
නුඹේ ඔය දෙනෙත් යුග
නොසලන්නෙ ඇසි පියන්
හොවා ඔය උරහිසෙහි
හිස මගේ ඇලකරන්
හිදින විට වෙන යමක්
එපා මට මිහි පිටින්
naaaaaaaayis...:-)
ReplyDeleteබොහෝම ස්තූතියි අකා...
ReplyDeleteසිත සොයන අන් යමක් නොහමුවිය නුඹ තරම්....
ReplyDeleteකොහොම මං පෙම් නොකර ඉන්නෙ නුඹ හට ඉතින්..