Wednesday 1 June 2011

කෙත් බිමට වට පිණි වැස්ස


කාලයක් පාළු වුනු
කෙත් බිමට හිටි ගමන්
වැටුණු පිණි වැස්ස නුඹ

කම්මැළිව නිදි කිරූ
සිතුම් අම්ඹාරුවන්
එහෙ මෙහේ ඇවිදවා
මඩ කළා සිත් කෙතම

නියර වැටියද බැඳිමි
කෙතට රැකවල දෙන්න
දැන් ඉතින් කාලයයි
පෙම් බීජ වපුරන්න

කෙතම නිල්ලට හැරී
රන්කරල් පීදෙන්න
නුඹේ සෙනෙහස් දියෙන්
කෙතට යළි පණ දෙන්න

No comments:

Post a Comment