Wednesday 9 May 2012

යටගියාවේ මතක

ඔබත් මා පමණක්ම
පොත්ගුලෙහි කෙළවරක
උන්නු හැටි සිහි කරයි
යටගියාවේ මතක
කඩඉමකි සරසවිය
ජීවිතයෙ තවත් එක
පෙහෙළිකළ නැවුම් පෙත්
සොඳුරුතම ඉසව්වක

මල් ඉහිරි පාවාඩ
ඇතිරවූ පාරවල
ඇවිද ඇත්තෙමු අපිද
බොහොමයක් හවස්කල
හැරගියද සරසවිය
ජීවිතය අළුත් කල
සොඳුරු ඇඳුරිදු නුඹය
ම'දිවි සරසවිය තුළ

Thursday 3 May 2012

සකුරා ගසක්...




කොළ සළු එපා වී ටික කලක්
නග්නව ඉදින
සතියකට රෝස සළුවක් ණයට ගෙන
ටිකක් හැඩවෙන
හරිත සළු අඳිනුයැයි බලකරන වැස්සට
යළිත් අවනතවන
සකුරා ගසක්...රෝස සළු ඉර ඉරා
පාමුලට අතහරින