Saturday, 9 July 2011

සුවඳ දැනුණා ජීවිතේ...


මා..
ලෝකයක් පසෙක ලා
මිරිඟුවක් බඳු ඔහුම
හඹා ගිය ඒ ඇසිල්ලේ
ඔහු..
ඒ පෙමට තිත තබා
දුර ගොසිනි බෝ
මා දමා තනි මංසලේ
ඔබ...
ජීවයම ඇය
වෙත පුදන්නට
කල් බැලූ ඒ ඇසිල්ලේ
ඇය...
වෙන අතක් හා
ඇඟිලි බැඳ ගෙන
සුව විදී පෙම් කැදැල්ලේ
අප...
ඇදුරු සෙවනැලි
ලඟා කර දුන්
අතීතෙට සමුදුන් වෙලේ
අපි...
අපේ වී ඇත
දැනෙන්නට යළි
සුවඳවත් බව ජීවිතේ


4 comments:

  1. අපි අපේ වූ දා නුඹෙන් දැනුනා
    සුවඳවත් බව ජීවිතේ.....
    ඔය සොඳුරු හිත හැර දමා නොම යමි
    ඉතින් මේ මුළු ජීවිතේ........

    ReplyDelete
  2. ලස්සනට ගලපලා තියනවා පද ටික ........
    නියමයි ......

    ReplyDelete
  3. @vasana, පන්සල් හංදිය,dulshan:
    බොහෝම ස්තූතියි...සටහනට...

    ReplyDelete