Thursday 28 July 2011

සැඟවූ සුපෙම් හැඟුම්


හද මැදුර ඇතුළේ
දැල් වු පෙම් පහනේ
එළිය ඔබ නමටයි
දෙන්න මං හිටියේ

එළිය නොපෙනෙන සේ
දොර කවුළු වැසුවේ
වසන් කරනට ඒ
හෙටක් නැති ස්නේහේ

දැන දැනම ඒ දේ
ඇයිද ඔබ කීවේ
හැර පියන්නට යැයි
වැසු කවුළු මැදුරේ

ඉතින් දැන් ආයේ
තබනු හැකි වෙද ඒ
දිළි එළිය පහනේ
ලෝකයට රහසේ

යන්න ඔබ සබඳේ
නොරැඳි මේ මැදුරේ
පහනෙ එළි පෙරසේ
ඔහේ දිළුනාවේ

2 comments:

  1. හෙටක් නැති සෙනෙහේ
    මතක පමණකි උරුමේ
    දැන දැනම කිවු මොහොතේ
    නොහැඟුනිද මා සබඳේ...
    නිවා සරතැස අඳුරේ
    ඔබ නික්ම යනු මැන ඉතිනේ
    නෙතු කඳුළු එයි මොහොතකිනේ
    තව නොම රැඳෙන් මා විජිතේ...

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි පසුවදනට..

    ReplyDelete