හද මැදුර ඇතුළේ
දැල් වු පෙම් පහනේ
එළිය ඔබ නමටයි
දෙන්න මං හිටියේ
එළිය නොපෙනෙන සේ
දොර කවුළු වැසුවේ
වසන් කරනට ඒ
හෙටක් නැති ස්නේහේ
දැන දැනම ඒ දේ
ඇයිද ඔබ කීවේ
හැර පියන්නට යැයි
වැසු කවුළු මැදුරේ
ඉතින් දැන් ආයේ
තබනු හැකි වෙද ඒ
දිළි එළිය පහනේ
ලෝකයට රහසේ
යන්න ඔබ සබඳේ
නොරැඳි මේ මැදුරේ
පහනෙ එළි පෙරසේ
ඔහේ දිළුනාවේ
හෙටක් නැති සෙනෙහේ
ReplyDeleteමතක පමණකි උරුමේ
දැන දැනම කිවු මොහොතේ
නොහැඟුනිද මා සබඳේ...
නිවා සරතැස අඳුරේ
ඔබ නික්ම යනු මැන ඉතිනේ
නෙතු කඳුළු එයි මොහොතකිනේ
තව නොම රැඳෙන් මා විජිතේ...
බොහෝම ස්තූතියි පසුවදනට..
ReplyDelete