මුල්ලකට වෙලා උන්
මළ බැදුණු යකඩයකි
පෙර දවස මගේ සිත
ගිනි ගලක් බඳු නුඹේ
සිත් සුසුම් මත දැවී
පදම් වූ මාසිතට
තැලෙන යකඩයකි මම
ඉතින් නුඹ වෙර නොගෙන
පත් කලා මගේ සිත
අනගි මෙවලමක් ලෙස
උදම් ඇනුවෙමි මමද
සිතින් නෙක දහස්වර
මළ බැදී තිබු සිතක්
දිළිසෙනා අයුරු දැක
නුඹම පණ පෙවූ ඒ
මසිත දැන් දී පිටට
ගිණියම් වු යකඩයක්
මෙන් දැවෙන්නෙද සිතින
වෙන දෑතකට
උන් විදිය හොඳයි මට
පෙර නුඹේ සිත අසල
යන්ට වන බැව් දැන දැන
ReplyDeleteනුඹ මට ගෙනා ජීවිතය
දෝතින්ම වැලඳගෙන තුටින
ගෙවූ කාලය ඉක්ම ගොස් ඇත....
නුඹ මගේ කල ජීවිතය
හිමි නොවේ නම් නුඹටම
කුමට මේ හැටි පෙම් කර
පෙර උන්නු හැටි හොඳ නොවෙද අප....
අපි අපේ නොවන හෙට දින
හිනාවෙමු කොහේ හෝ හිඳ
දැන් නොවිමසන් මා සිත තව
නුඹ දනියි ඒ ගැන හොඳටම....
මල බැදුන ඔය හිතට
ReplyDeleteඔප දමා දී යසට..
යන්න දුර ගමනකට
මාවතක් විවර කොට..
මම නැතත් හෙට දිනට
ගියොත් නුඹ ජය ටැඹට
නුඹේ දෙපයින් නැගිට
මම විඳිමි ඒ සතුට...
වාසනා සහ දුල්ශාන්,
ReplyDeleteබොහෝම ස්තූතියි පසුවදන් වලට