Friday 4 November 2011

හිරු නැතිදා කෝ සඳපානක්....














රුවට හැදුණු පෙති විනා මලේ
රේණුව දෙස කවුරුද බැළුවේ
පෙති ගිළිහී ගිය දාට මලේ
රේණුවමයි ඵලයක් දුන්නේ

උඩ ඇදෙනා කළ සරුංගලේ
බැළුවද දෙස එය බැඳි නූලේ
උඬඟුව දිලෙන්න ආකාසේ
නූල නොවෙද සවියක් වූයේ

කිරණ රුදුරු යැයි හිරු මඬළේ
සඳුට ආවඩන මනුසතුනේ
හිරු නැති දා මේ ලෝ තලයේ
එළිය ලැබේවිද සඳපානේ

No comments:

Post a Comment