Wednesday, 26 October 2011

දයාබරයානෙනි.....

ප්‍රේමයේ අතපොත් තබා
මුලකුරු පසක් කර දෙනු රිසින්
මවෙත ආ ඇඳුරිඳු නුඹය ඒ
පුරවගෙන සිත සෙනෙහසින්

ඒ පෙමෙහි පරතෙර දකින්නට
නුඹේ මඟ පෙන්නුම් මතින්
යන්න අවනත නොවුණි මා සිත
බැලු නිසා පස්මහ බැළුම්

සිහිල් පැන් කලයක් ඉවත හල
ලෙසින් කෙන්දක් වූ බැවින්
නුඹේ සෙනෙහස නොපිලිගන්නට
උඩඟු විය සිත මානයෙන්

අඳුරු තිරපට ඉරා බැලුවිට
පමා වී මුත් බෝ ලෙසින්
දයාබරයානෙනි නුඹට මා
පෙම් කළා කවදත් සිතින්

3 comments:

  1. දැන් ඉතින් කාලයත්
    හරස් වන ඉරණමක
    නුඹට මා නොදැනීම
    තිබුනා නම් හොඳ නොවෙද
    තව බිඳක්වත් කලින්
    දැනුනා නම් මා නුඹට
    නුඹ මගෙයි මා නුඹෙයි
    අදත් එක මගක යන....

    ReplyDelete
  2. පමා වූවත් බෝ ලෙසින් නුඹ
    සිතුවේ නැ මම ඒ ලෙසින්
    ඔබට විවරවූ හදේ දොරගුළු
    අනේ දැන් ඇත මල කමින්:)

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි දෙන්නටම ලස්සන පසුවදනක් ලිව්වට

    ReplyDelete