සිටියේ නිවන්නයි පුත නුඹ සා ගින්නේ
පිය තුම නුඹේ සුර ලොව වෙත ගිය බැවිනේ
කබලෙන් ලිපට වැටුනා නුඹ හා ඉතිනේ
කවා පොවා කරදඬු උස් මහත් කොට
හැකි ලෙස ශිල්ප ලැබ දුන්නෙමි පුත නුඹට
නොලැබුනෙ පෙර කළෙහි පින් පෙත් කරන්නට
සිදු වූ නිසයි හැම දේ පිරි මහන්නට
දැන් නුඹ සිදාදියේ ඇත අතමිට යහමින්
පින්මඳ මවක් වෙමි නොලබන ගරු බුහුමන්
දොරකඩ ළඟින් පියමනිනා බුදු පුතණුන්
ලස්සනයි,
ReplyDeleteඒ වගෙම හැඟුම්බරයි...
බොහෝම ස්තූතියි ...
ReplyDelete