Monday 22 August 2011

වෙන මඟක ගිය නුඹ..

සුන්දරයි මුත් එමඟ
තනිව යන්නෙද කෙලෙස
අහම්බෙන් පැමිණි නුඹ
මඟ කිවූ අපූරුව

පා නැගිමි රිසි ලෙසට
පියෙන් පිය ඉදිරියට
හැරී බැලුවෙමි වරෙක
යන එමඟ අතරමඟ

පැමිණ මම බොහො දුරක්
නොහැක යළි හැරෙන්නට
කියා දුන් මඟ හසර
නුඹ ගොසින් වෙන මඟක

No comments:

Post a Comment