Monday 15 August 2011

日本人がんばって。。! ඉදිරියටම යමු ජපනුනි..!


ග්‍රීස්මය හා සබඳ කම් ඇති දා බිඳෙන් ගත තෙත් වෙතේ
සීත ඊර්තුව පුරාවට මුළු ඇඟෙම හිරි ගඩු යළි පිපේ
මෙය පරස්පරයක් වුවත් කෙලෙසනා වීරිය රැඳි ගතේ
තරම්වත් රේණුවක් සකුරා අඩු නොවුණි අදිටන සිතේ

පොළොව සෙලවී වරින් වර සිහිකර දෙතත් මිහිකත් බලේ
එයද තව එක් අංගයකි මේ හපන් ජපනගෙ දිවි පෙතේ
මැදින් මස මැද හරියෙ සිදු වූ භූමිකම්පාවෙන් ජලේ
කළබවා මහ මුහුද රට වෙත සුනාමිය ලෙස පා කලේ

දිනුව මිහිකත මෙවර නම් පරදා මිනිස් බලයන් ලොවේ
සුණු විසුණු කර වෙරළබ සැඩ පහර රට මැදටත් ගියේ
දහස් ගණනින් ජීවිතද අහිමිව ගියත් නොසිතූ ලෙසේ
හැකි වේද නවතන්න මේ දන බැරි වුනා නම් යුධ කලේ

සුනාමිය නොව ඉරත් හා සඳ එකට වැටුණත් මිහිමතේ
හෙට දිනේ සිට පුරුදු ලෙස වැඩ කරයි වඩමින් වෙර සිතේ
මෙයයි ජපනගෙ රහස ඉන්නට උඩම දියුණුවෙ හිනි පෙතේ
ඔසවන්න හිස නුඹට හැකි වේ නිපොන් ජින් ගන්බත්තේ

No comments:

Post a Comment