ඕසෙට පිපිලා තුන්මාසේ මල්
නෙක නෙක අයුරින් පාට හොවා
සීත ඉමේදී කටු යට සැඟවුණු
රෝස කැකුළු අද පුබුදු වෙලා
හැම තුරු වැලටම පාහේ මිහිකත
කොළ සළු පළදා ඔප කරලා
ටික දිනකට හෝ ඇවිත් යන්න යන
වසන්තයට පෙර මං තනලා
මීට පෙරත් ඇවිදිල්ල යන්න ගිය
වසන්තයේ මගෙ හිතට හොරා
නැවුම් සිතින් යළි පෙර මඟ බලනෙමි
මේ පාරත් නුඹ ඒවි කියා
මෙතුවක් කලකට මිලාන වී තිබු
සිතේ පැතුම් මල් යළි පුබුදා
සෙනෙහෙ සිතින් පිළිගන්නම් නැවතත්
නොයනු වසන්තය මා හැරදා
ඇවිත් යන්ට ගිය
ReplyDeleteවසන්තය නුඹ නිසා
හුරුපුරුදු තනිකමත්
නුහුරු විය මගෙ හිතට..
දැන් ඉතින් ආයිමත්
නුඹ ඇවිත් මගෙ ලඟට
නොවෙනස්ව මේ ලෙසින්
හිඳිනවද හැමදාම..?