Thursday 11 August 2011

දැලක් විය එක් මකුළු...

නුඹේ ඒ පෙම මහරූ
දැලක් විය එක් මකුළු
බැඳිමුත් වියා නෙක අයුරූ
බිඳලිය මසිත වූ රුසිරූ

මින් පෙරත් මේ වගේ
බඳිමින් මකුළු දැල් අගේ
හොඳහැටි තිබුණු සිත මගේ
වසා දැමුවා පෙමින් ඔබගේ

මකුළුවා වියන දැලකින්
පතමිද සෙතක් කෙලෙසින්
මකුළුවගෙ දිවි රකිමින්
එදැල බැඳි ගෙය වීය අබලන්

දැලත් ඒ දැල බඳින නුඹවත්
කඩා අතු ගා දමමි ගෙයිනුත්
නුඹේ පෙම හා බැඳුණු මතකත්
යළිදු සිත නොම කරයි වල්මත්

1 comment:

  1. බඳින්නට මකුළු දැල් අස්ථිර
    නොවෙසෙහෙන් දැන් තව තව
    හැම මතක සෝදා හැරි මගෙ සිත
    දැන් ඉතින් තහනම් නුඹට සදහට!

    ReplyDelete