Wednesday 6 July 2011

නුඹයි ඒ ලතා වැල....


මමයි විසල් ගස
මේඝයකිනුත් නොසැළෙන
නුඹයි ලතා වැල
මා අනුව හැඩ ගැසුණ

සවිමත් සිතක් තිබුනද
එළියක් නොවුණි සියොළඟ
සුවඳැති මලින් සුසැදිව
සුන්දර කළා බඳ වට

පැවතිය හැකත් තනිවම
අරුතක් නොතිබි දිවියට
වටිනාකමක් දුන් නුඹ
රැකගමි මගේ පණ ලෙස

4 comments:

  1. බොහෝම ස්තූතියි...

    ReplyDelete
  2. ලස්සන අදහසක්...

    රවටලා ඔබ සිත
    වෙලාගෙන බඳ වට
    උරා ඔබෙ සාරය
    පිලිලයක් වේවිද
    ඒ ලතාවම හෙට...

    ReplyDelete
  3. "පිලිලයක් විය හැකත් මතු දිනක
    නුඹයි අර්ථවත් කලේ වත්මන
    නොසිතා නො එළබි හෙට ගැන
    රකින්නම් නුඹව සෙනෙහෙන"

    බොහෝම ස්තූතියි...සටහනට...

    ReplyDelete