Sunday, 31 July 2011

ලොබ බඳිමි ගිම්හානයට

ලොබ බඳිමි ගිම්හානයට
දෙ ඉවුරු සිත් හොඳ හැටිම
හැඳින ගත හැකි නිසා......

නුඹ බලා උන්නු
වස්සනට පෙම් බඳිනු කෙසේ මම
ගලා දිය කඳෙන්
මුවට මුව බලා සිටි
ඉවුරු දෙපසට කළ නිසා......

Thursday, 28 July 2011

සැඟවූ සුපෙම් හැඟුම්


හද මැදුර ඇතුළේ
දැල් වු පෙම් පහනේ
එළිය ඔබ නමටයි
දෙන්න මං හිටියේ

එළිය නොපෙනෙන සේ
දොර කවුළු වැසුවේ
වසන් කරනට ඒ
හෙටක් නැති ස්නේහේ

දැන දැනම ඒ දේ
ඇයිද ඔබ කීවේ
හැර පියන්නට යැයි
වැසු කවුළු මැදුරේ

ඉතින් දැන් ආයේ
තබනු හැකි වෙද ඒ
දිළි එළිය පහනේ
ලෝකයට රහසේ

යන්න ඔබ සබඳේ
නොරැඳි මේ මැදුරේ
පහනෙ එළි පෙරසේ
ඔහේ දිළුනාවේ

Thursday, 21 July 2011

මළ බැඳුණු සිත...


මුල්ලකට වෙලා උන්
මළ බැදුණු යකඩයකි
පෙර දවස මගේ සිත

ගිනි ගලක් බඳු නුඹේ
සිත් සුසුම් මත දැවී
පදම් වූ මාසිතට
පණ පෙවුණි වරින්වර

තැලෙන යකඩයකි මම
ඉතින් නුඹ වෙර නොගෙන
පත් කලා මගේ සිත
අනගි මෙවලමක් ලෙස
උදම් ඇනුවෙමි මමද
සිතින් නෙක දහස්වර
මළ බැදී තිබු සිතක්
දිළිසෙනා අයුරු දැක

නුඹම පණ පෙවූ ඒ
මසිත දැන් දී පිටට
ගිණියම් වු යකඩයක්
මෙන් දැවෙන්නෙද සිතින

වෙන දෑතකට
උන් විදිය හොඳයි මට
පෙර නුඹේ සිත අසල