Monday 2 April 2012

හිතවත....


















'හිත' නම් මගේ හිතවත
කුළුනින් සෙමෙන් අදරින
විමසමි පෙරත් දිනයක
නුඹ මඟහැරපු පැනයම

මලින් බර වන වස්සන
ගිම්හානයක උණුසුම
සීත හිම කැටියක
වෙනස නුඹහට පෙරත් දැනුනිද

මටත් හොර රහසෙම
ඔහු ගෙන නුඹව අත්කර
ඒ හදේ ඇති ගැඹුරුම
තැනක තැබුවා බොහෝ සුරැකිව

ඉතින් යළි ටිකකට
ළඟට ආවොත් හිතවත
මෙයයි නම් ප්‍රේමය
පසක් කරවා දෙමිය නුඹහට

ප්‍රේමය සොයා කතරක
එහෙ මෙහෙ දුවපු සකිසඳ
නුඹ ආදරෙන් සනසන
ඔහුගෙ හිත ලඟ රැඳෙනු හිතවත


2 comments:

  1. //'හිත' නම් මගේ හිතවත
    කුළුනින් සෙමෙන් අදරින
    විමසමි පෙරත් දිනයක
    නුඹ මඟහැරපු පැනයම//

    ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි වර්ෂා....

    ReplyDelete