ඔබ මගෙයි කිව් ඒ දිනේ
සතුට වැඩි වී සිත් කොනේ
බුබුං නගනා හිතුමතේ
ගඟුල වැනි විය සිත මගේ
අපි එක්ව ගිය මාවතේ
තුරු සෙවණ සැදු සිසිලසේ
පහස විය මගෙ සිත් ඉමේ
නිවාලන්නට ගිම් නුඹේ
ඔබ මගෙන් වෙන් වූ දිනේ
නිසොල්මන් වී සිත මගේ
දුක බෙදා ගන්නට කොහේ
නිසල වූවා දිය ගඟේ
අපි වෙන්ව යන මේ මඟේ
තුරු වදුළු නෑ නෙත් ඉමේ
කෙලෙස නිවමිද ගිම් නුඹේ
දැවෙන කතරකි සිත මගේ
මග කියන තරු ලකුණු සදාකල් දිලේවා...
ReplyDeleteමඳ පවන් රැළි හමා සිත විඩා නිවේවා....
නුඹ යනෙන මාවතේ පැතුම් මල් පිපේවා...
ලඟ නැතත් මගෙ සෙනෙහෙ නුඹට දුක් නොවේවා....
බුබුං නගනා හිතුමතේ.. කියන එක ටිකක් හරි නැහැ නේද?
ReplyDeleteඅදහසක් විතරයි අක්කෙ හොදේ..
ආදරණීය සිත් අහස
ReplyDeleteස්තූතියි ඔබේ පසුවදනට...
වර්ෂා
බොහෝම ස්තූතියි නංගි ඔයාටත් හිතෙට දැනෙන දේ අවංකව කිව්වට.. :)