Wednesday 18 April 2012

හැකිද නෑවිත් ඉන්න


 
කෙනෙකු යළි නොඑනු ඇත
පැවසීමි හදවතට
මඟ නොබල හිදින ලෙස

හිරු එක්ක සඳු එක්ක
කාලයද නොනවතිත
තනිය ඔසුවක් වෙලා
'සිත සුවපත් කරන

යළිඳු හිත රිදෙන්නට
වරදකරු නුඹම නොව
ගිය නුඹට යළි යළිත්
දොර හරින මගෙ හිතය

තැළුණු හිත සුවපත්ව
සුව අතට හැරෙන දින
අහඹුවක් ලෙසින් හෝ
හැකිද නෑවිත් ඉන්න

No comments:

Post a Comment