නෞකාව වීමි සමුදුර
සිතිජය ලුහුබැඳ පදවන
මඟ කියා දුන්නි මෙගොඩට
නුඹ පහන් කන්ද විලසින
පැමිණියෙමි නුඹේ ළඟටම
නැංගුරම් දමන අටියෙන
මේ පහන් කන්ද පාමුල
අඳුරුයි නොසිතූ විලසින
නුඹ එළිය බෙදා ලොවටම
කිම අඳුරෙ ඉන්ට කාරණ
ඉඩ දෙතොත් නුඹේ සිත ළඟ
පහනක් වෙමි නිති දැල්වෙන
නුඹ එළිය බෙදා ලොවටම
ReplyDeleteකිම අඳුරෙ ඉන්ට කාරණ
ඉඩ දෙතොත් නුඹේ සිත ළඟ
පහනක් වෙමි නිති දැල්වෙන
harima lassanai akki..
එලිය බෙදුවත් ලොවට
ReplyDeleteඅඳුරමයි පාමුලට
ඉතින් හැකිවෙද නුඹට
එලිය දෙන්නට මහට...
එපා උන යම් දිනෙක
යන්න සිතුනොත් දුරක
නැංගුරම් හැරියාට
බනින් නෑ මම නුඹට...
වර්ෂා, දිල්ශාන් බොහෝම ස්තූතියි දෙන්නටම..
ReplyDelete