පායනා සඳවතිය කියනු මැන මට ඉතින්
මෙහි ආවේ මගෙ තනිය මකන්නද දුර ඉදන්
අහන්නෙමි යළිත් මම ඇදී එන මඳනලින්
හිතේ දුක අඩුවේද පවන් සැළුමුත් හෙමින්
ගඟුල ඔහෙ ගැළූමුත් ගී රාව නංවමින්
එය කොහේ නිවන්නද දැවෙන සිත ගිණියමින්
මල් සුවඳ හැමූමුත් පෙරදාක නොවූ මෙන්
නුඹෙ සුවඳ දැනෙනවා ඒ සුවඳටත් උඩින්
සඳ ද මල් හා පවන් කළත් නෙක විශ්මයන්
හැකිවේද පුරවන්න මසිත යළි නුඹට මෙන්
ගතු කියන සඳවතිය, මල් සුවඳ පවා දැන්
ReplyDeleteලෙංගතුයි ලඟ උන්නු නුඹට වැඩියෙන් ඉතින්
නුඹට මෙන් පුරවන්න බැරි උනත් සිත පෙමින්
සිත පවා දත යුතුයි සැනසෙන්න ලද දෙයින්
අපේ අතැඟිලි වලට අහු නොවුනු ජීවිතෙන්
බිඳෙන් බිඳ අත් හරිමි මතක මංපෙත සෙමින්
අමනාප නෑ කිසිත්, නාවාට මා සොයන්
කොහේ හෝ හිඳී නම් නුඹත් නිදුකින්, තුටින්........
love this poem. nice..
ReplyDeleteවර්ෂා,අදරණීය සිත් අහස
ReplyDeleteබොහෝම ස්තූතියි දෙන්නටම...