Saturday 7 January 2012

නුඹට මෙන්...




















පායනා සඳවතිය ියනු මැන මට ඉතින්
මෙහි ආවේ මගෙ තනිය මකන්නද දුර ඉදන්

අහන්නෙමි යළිත් මම ඇදී එන මඳනලින්
හිතේ දුක අඩුවේද පවන් සැළුමුත් හෙමින්

ගඟුල ඔහෙ ගැළූමුත් ගී රාව නංවමින්
එය කොහේ නිවන්නද දැවෙන සිත ගිණියමින්

මල් සුවඳ හැමූමුත් පෙරදාක නොවූ මෙන්
නුඹෙ සුවඳ දැනෙනවා ඒ සුවඳත් උඩින්

සඳ ද මල් හා පවන් කළත් නෙක විශ්මයන්
හැකිවේද පුරවන්න මසිත යළි නුඹට මෙන්

3 comments:

  1. ගතු කියන සඳවතිය, මල් සුවඳ පවා දැන්
    ලෙංගතුයි ලඟ උන්නු නුඹට වැඩියෙන් ඉතින්
    නුඹට මෙන් පුරවන්න බැරි උනත් සිත පෙමින්
    සිත පවා දත යුතුයි සැනසෙන්න ලද දෙයින්
    අපේ අතැඟිලි වලට අහු නොවුනු ජීවිතෙන්
    බිඳෙන් බිඳ අත් හරිමි මතක මංපෙත සෙමින්
    අමනාප නෑ කිසිත්, නාවාට මා සොයන්
    කොහේ හෝ හිඳී නම් නුඹත් නිදුකින්, තුටින්........

    ReplyDelete
  2. වර්ෂා,අදරණීය සිත් අහස

    බොහෝම ස්තූතියි දෙන්නටම...

    ReplyDelete