Thursday 8 December 2011

අම්බපාලි...



















හදවත මාගේ නොකිළිටි මැදුරකි
පෙර කිසිවෙකු හෝ පය නොගැසූ
කුළුදුල් ඒ සිත ඔබට දෙන්නයැයි
කීවා දවසක මා හමු වූ

හද පිරි බැතියෙන් පෙමට පිදූවත්
හදවත මාගේ සන්තක වූ
හොරෙන් හොරෙන් ඇයි පෙම්බස් තෙපලනු
ලොව හමුවේ දෙදෙනෙකි ගොළු වූ

රහසින් ඇවිදින් සෙනෙහස අයදින 
විටකදි කිසි අඩුවක් නොකෙරූ
මමත් ඉතින් එක් අම්බපාලියකි
ගත නොව නුඹගේ සිත සැනසූ

1 comment:

  1. ගත හුවමාරු වෙන මුත් සිත කාටවත් හුවමාරු වෙන්නේ නැතිනම් එයැය පතිවත..

    ReplyDelete