Thursday 22 September 2011

අකලට වැස්සක්...



















වැසි පිට වැසි ඇදහලන නියාවෙන්
සපැමිණි මුත් මෝසම් සුළඟක්
සුළං මුවාවට වැස්ස අහිමිවුනි
මැද වූයෙන් මහ කඳුකරයක්

දෙගොඩ තලා උතුරන තරමට නොව
යන්තම් තෙමුනා බිම පමණක්
පතන විටදි ආදරය නොපෙන්වන
නුඹත් වගෙයි එක් කඳුකරයක්

කඳු ශිඛරයෙ තුරු සෙවණින් ලදමුත්
කිසිදා නොවෙනස්වන සිහිලක්
නියං කලට නම් කෙසේ පතන්නද
වැස්ස තබා වැස්සක ලකුණක්

වළා පෙළක් වැහි කුළක් කරන මෙන්
හරිත තුරු පිරුණු මහ වනයක්
නොසිතු විටක සෙනෙහෙන් සිත නහවා
නුඹ දුන්නා අකලට වැස්සක්

4 comments:

  1. හරිම ලස්සන පද ගැලපුමක් යාළු, අකලට වැටෙන වැස්සක් කොයි තරම් සුන්දර හැඟීමක් ගේනවද?

    ReplyDelete
  2. බොහෝම ස්තූත්යි ප්‍රාර්ථනා.හ්ම් ඒක තමයි.නොහිතන වෙලාවක හිත ඉල්ලන දේ ලැබෙනව කියන්නෙ දරා ගන්න බැරි තරම් සතුටක් තමයි..

    ReplyDelete
  3. ලස්සනයි...

    එපා වෙනකන් වහින මෝසමේ වැස්සකට නොතෙමුනාට, අකලට වහින වැස්ස කොච්චර සුවයක් ගේනවද... එක කොච්චර අගෙයිද...

    ReplyDelete
  4. දිල්ශාන්...බොහෝම ස්තූතියි අදහසට.....

    ReplyDelete