ගලා හැළෙන දිය ඇල්ල නුඹයි
මේ හද ගල් පර මත පෙණ ඉසිනා
රළුව තිබූ ඒ ගල් කැබලිති හැම
ඒ දිය පහරින් සුමට වුනා
සිනිදුම ගල් කැට නදියත් සමඟින්
සමුදුර තෙක් පියමනින නියා
නුඹේ පෙමින් ඔප වැටුණු මගේ සිත
නුඹත් එක්ක දුර ගමන් ගියා
විටෙක සැඩව තව විටෙක නිසල වන
සෙනෙහෙ දියේ ගැඹුරෙහි ගිල්වා
මුවදොර තෙක් ගෙනැවිත් නුඹ මා
එහි අතැර දමා සමුදුරට ගියා
තිබූ තැනක නොතබා මගෙ හිත නුඹ
ReplyDeleteඅරන් ගියත් සෙනෙහෙන් සඟවා
අතැර දමා ගියදා සමුදුර වෙත
හැරෙනු නොහැකි හිත ඉකිබින්දා.....
බොහෝම ස්තූතියි වාස්...
ReplyDelete