Wednesday 9 May 2012

යටගියාවේ මතක

ඔබත් මා පමණක්ම
පොත්ගුලෙහි කෙළවරක
උන්නු හැටි සිහි කරයි
යටගියාවේ මතක
කඩඉමකි සරසවිය
ජීවිතයෙ තවත් එක
පෙහෙළිකළ නැවුම් පෙත්
සොඳුරුතම ඉසව්වක

මල් ඉහිරි පාවාඩ
ඇතිරවූ පාරවල
ඇවිද ඇත්තෙමු අපිද
බොහොමයක් හවස්කල
හැරගියද සරසවිය
ජීවිතය අළුත් කල
සොඳුරු ඇඳුරිදු නුඹය
ම'දිවි සරසවිය තුළ

4 comments:

  1. සුපුරුදු පරිදි සොදුරුය,
    නුඹේ කවිකම් සොයුරිය..

    ජීවිත සරසවිය ඇතුළෙම
    තව‍ බොහෝ පාඩම්
    මුණ ගැසෙනු ඇත,
    නුදුරෙම..

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි සොයුරිය....

    ReplyDelete
  3. හෙට අළුත් ඉර අරන්
    නුඹ එක්ක දුර යන්න
    මග බලන මගෙ හිතට
    එදා වාගෙම අදත්
    නුඹෙ සුවඳ සුපුරුදුයි....
    නෙතු පියන ඇසිල්ලක
    පුරුදු සෙනෙහස අරන්
    නුඹ ඇවිත් ලඟ හිඳියි...
    සරසවියෙ වාගෙමයි...

    මං නුඹේ ප්‍රේමියයි...

    ReplyDelete
  4. Hi Sorry, I dont have sinhala font to type.but I can understand and enjoy your poetry.
    Thanks for joining to my blog.pls share my blog with your friends.If oyu know any sri lankan blog pls share with me..keep up your good work
    Nilangi
    www.mysmartangels.blogspot.com

    ReplyDelete