වේවැල් පොල් ඉරටු නාරං සියඹලා අතූ
පෙන්වා නොමඟ යන දරුවන් ලෙසින් සිතූ
සැමදෙන යහමඟට ගන්නට පැතුම් පැතූ
ගුරු දෙවියන් වීලු පෙරකළ අප පිදිය යුතූ
සරමක් සමඟ අත් දිග කමිසයක් ඇඳන්
කුඩයක් අතින් ගෙන තව බෑගයක් අරන්
බොරළු පාරෙ පිය මනිනා ගුරු උතුමන්
පසු පස වැටී ගියාලු ඉස්කෝලෙ ළමුන්
තම අඩිපාරෙ ගියමුත් මඟ නැවතීලා
නොසිටනු ළමුනි යනු මාවද පහු කරලා
හෙට දින ලොවම දිනවන උගතුන් වීලා
වැජඹෙනු දකිනු රිසි මගෙ නෙතු පේවීලා
තරවටු කරද්දී නඩු හබ පැටලූනත්
මඟ පෙන්වූ එවුන් මුල අමතක කෙරුවත්
ඉනිමං තනයි ගුරුවරු සිසුනට අදටත්
shok kaviya akke..!
ReplyDeletenice!
ReplyDeleteබොහෝම ස්තූතියි අකලංක මල්ලිටත් GGටත්
ReplyDeleteලස්සනයි අක්කේ...:)
ReplyDeleteබොහෝම ස්තූතියි ආදරණීය සිත් අහස
ReplyDelete