Thursday 4 October 2012

ජීවිතය එක් ගඟුලකී.....





ජීවිතය එක් ගඟුකී
යළි හැරී නොගළනු හැකී
මතකයන් මඳනල වගේ
ඒ ගඟ දිගේ ආපසු ඇදේ

දිය සමඟ ගෙන එනු බැරී
මඟ හැරුණු දෑ බෝ වෙතී
එම මතක ගං පතුලෙහී
මිණි ලෙසින් සුරැකිව ඇතී

නිසල ගඟ කළඹනු හැකී
වළදැමූ මතකයෙ තතූ
අතීතය වෙත පිය නැඟූ
මඳනලේ නොගෙනෙන් මතූ

5 comments:

  1. ලස්සනයි..

    ReplyDelete
  2. හිරුහිමාවී : බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. ගොඩක් ලස්සන අදහසක්...



    අතු ගඟක් ලෙස එකතු වන්නට
    වෙලී ඔබ හා ගලා යන්නට
    සිතුව මුත් සිදුවුනේ අද මට
    ගිලී ඔබ මතකයෙ පතුලට
    තවත් මැණිකක් විලස ඉන්නට..

    ReplyDelete
  4. ජීවිතය එක් ගගුලකි
    ඔව් හැරී ගලනට නම් බැරී
    වැරදුණත් මග නොම තැවී
    යා යුතුම වේ බිම ඇදි ඇදී

    ගලා යන අතරේ ඇදී
    බිය නොවී යා යුතු සෝයුරී
    මතකයන් ළග නොනැවතී
    මුළු ලොවට දිය යුතු වේ සවී

    ReplyDelete
  5. දුල්ශාන්,පුංචි එකී....
    හරිම ලස්සන පසුවදන් දෙකක්.. බොහෝම ස්තූතියි දෙන්නටම...

    ReplyDelete