Friday 20 July 2012

ළඟින් සිටියා නම්….



මඟ බලන ඒ කෝපි හලකට
ගොඩවැදී නැවතත්
සීනි නැති එක කෝපි බඳුනක්
බොන්න තිබුණා නම්….
ඔබ හා බොන්න තිබුණා නම්

රැයක් නැති මේ විසල් නගරේ
නොනිවි දැල්වෙන නියොන් එළි මැද
උරහිසේ ගෑවී නොගෑවී
යන්න තිබුණා නම්….
ඔබ හා යන්න තිබුණා නම්

මැයි ගසක රතු පලස වෙනුවට
සිත නිවන ලා රෝස පැහැගත්
සකුරා සෙවනේ ටික වෙලාවක්
ඉන්න තිබුණා නම්….
ඔබ හා ඉන්න තිබුණා නම්

ඇසිපියන් හල සැණින් නිමවෙන
විදුලි දුම්රියෙ ගමන් මඟ මට
කල්පයක් සේ දිගු නොවන්නට
ළඟින් සිටියා නම්…. 
ඔබ මා ළඟින් සිටියා නම්

5 comments:

  1. එන්නද මං ආයෙමත් කෝපිහලකට නුඹ එක්ක..
    කෝපි බොන්න නොවෙයි,
    නුඹ ළගින් ඉදගෙන
    ඔය හිතේ උතුරන ආදරේ නුඹෙ ඇස්වලින් කියවන්න..

    එන්නද මං ආයෙමත් මැයි මල් පියලි උඩ ඇවිදන් යන්න නුඹ එක්ක..
    මැයි මල් වුණත් දැනෙයි මට සකුරා මල් තරම්ම පිවිතුරු විදියට..

    එන්නද මං ආයෙමත් නුඹෙ ජීවිතේ කෙළවරක නවතින්න..
    නවාතැන් දෙනවද ඉතින් නුඹ මට..?
    දවසකට දෙකකට නොවෙයි.. සදහට!

    ReplyDelete
  2. හිත පහන් කරනා ආදරය
    ගැන ආදරෙන් ලියල

    ආදරේට පාටක් තියෙනව කියල හිතෙනව
    ආදරේ උනුසුම් කියල හිතෙනව

    ReplyDelete
  3. වර්ෂා,දයාල්...

    බොහෝම ස්තූතියි ඔය දෙන්නගෙම ආදරණීය අදහස් වලට...

    ReplyDelete
  4. lovely!I had this feeling some times back:)

    ReplyDelete