නෞකාව වීමි සමුදුර
සිතිජය ලුහුබැඳ පදවන
මඟ කියා දුන්නි මෙගොඩට
නුඹ පහන් කන්ද විලසින
පැමිණියෙමි නුඹේ ළඟටම
නැංගුරම් දමන අටියෙන
මේ පහන් කන්ද පාමුල
අඳුරුයි නොසිතූ විලසින
නුඹ එළිය බෙදා ලොවටම
කිම අඳුරෙ ඉන්ට කාරණ
ඉඩ දෙතොත් නුඹේ සිත ළඟ
පහනක් වෙමි නිති දැල්වෙන