සිත මගේ නදියක්ය
හිතුමතේ ගලා ගෙන ගියපූ
ඔබ මහා බැම්ම විය
ගලන මඟ හරස් කොට ගෙන බැඳපූ
සසල සිත සිතුවිලිද
නිසල කොට මිටින් ගෙන සැනසූ
රැකවලා නුඹම විය
දිවි මඟට තව නැවුම් අරුතක් සැපයූ
දුක් කන්ද අපමණයි
ජල කඳක් සේ
බැඳි බැමින් සිර කොට තබපූ
පුපුරයිද වැව් බැම්ම
අසේනිය වැස්සකින් අකාලෙම ඇද හැළුනූ
විවර කර ඉඩ දෙන්න
හද බැම්මෙ දොරටු හැම
ඔබම වසා ගෙන ඉදපූ
රැකෙන්නට මේ බැම්ම වාන් දමනෙමි එදුක්
පොදි ලෙසින් තුටු කඳුළු
ඇත්තටම හරිම ලස්සන පද වැල් ටික ..........
ReplyDeleteබොහෝම ස්තූතියි කල්හාර
ReplyDelete