Thursday, 3 May 2012

සකුරා ගසක්...




කොළ සළු එපා වී ටික කලක්
නග්නව ඉදින
සතියකට රෝස සළුවක් ණයට ගෙන
ටිකක් හැඩවෙන
හරිත සළු අඳිනුයැයි බලකරන වැස්සට
යළිත් අවනතවන
සකුරා ගසක්...රෝස සළු ඉර ඉරා
පාමුලට අතහරින

Wednesday, 18 April 2012

හැකිද නෑවිත් ඉන්න


 
කෙනෙකු යළි නොඑනු ඇත
පැවසීමි හදවතට
මඟ නොබල හිදින ලෙස

හිරු එක්ක සඳු එක්ක
කාලයද නොනවතිත
තනිය ඔසුවක් වෙලා
'සිත සුවපත් කරන

යළිඳු හිත රිදෙන්නට
වරදකරු නුඹම නොව
ගිය නුඹට යළි යළිත්
දොර හරින මගෙ හිතය

තැළුණු හිත සුවපත්ව
සුව අතට හැරෙන දින
අහඹුවක් ලෙසින් හෝ
හැකිද නෑවිත් ඉන්න

Monday, 2 April 2012

හිතවත....


















'හිත' නම් මගේ හිතවත
කුළුනින් සෙමෙන් අදරින
විමසමි පෙරත් දිනයක
නුඹ මඟහැරපු පැනයම

මලින් බර වන වස්සන
ගිම්හානයක උණුසුම
සීත හිම කැටියක
වෙනස නුඹහට පෙරත් දැනුනිද

මටත් හොර රහසෙම
ඔහු ගෙන නුඹව අත්කර
ඒ හදේ ඇති ගැඹුරුම
තැනක තැබුවා බොහෝ සුරැකිව

ඉතින් යළි ටිකකට
ළඟට ආවොත් හිතවත
මෙයයි නම් ප්‍රේමය
පසක් කරවා දෙමිය නුඹහට

ප්‍රේමය සොයා කතරක
එහෙ මෙහෙ දුවපු සකිසඳ
නුඹ ආදරෙන් සනසන
ඔහුගෙ හිත ලඟ රැඳෙනු හිතවත