මා..
ලෝකයක් පසෙක ලා
මිරිඟුවක් බඳු ඔහුම
හඹා ගිය ඒ ඇසිල්ලේ
ඔහු..
ඒ පෙමට තිත තබා
දුර ගොසිනි බෝ
මා දමා තනි මංසලේ
ඔබ...
ජීවයම ඇය
වෙත පුදන්නට
කල් බැලූ ඒ ඇසිල්ලේ
ඇය...
වෙන අතක් හා
ඇඟිලි බැඳ ගෙන
සුව විදී පෙම් කැදැල්ලේ
අප...
ඇදුරු සෙවනැලි
ලඟා කර දුන්
අතීතෙට සමුදුන් වෙලේ
අපි...
අපේ වී ඇත
දැනෙන්නට යළි
සුවඳවත් බව ජීවිතේ

