නුඹේ ඒ පෙම මහරූ
දැලක් විය එක් මකුළු
බැඳිමුත් වියා නෙක අයුරූ
බිඳලිය මසිත වූ රුසිරූ
මින් පෙරත් මේ වගේ
බඳිමින් මකුළු දැල් අගේ
හොඳහැටි තිබුණු සිත මගේ
වසා දැමුවා පෙමින් ඔබගේ
මකුළුවා වියන දැලකින්
පතමිද සෙතක් කෙලෙසින්
මකුළුවගෙ දිවි රකිමින්
එදැල බැඳි ගෙය වීය අබලන්
දැලත් ඒ දැල බඳින නුඹවත්
කඩා අතු ගා දමමි ගෙයිනුත්
නුඹේ පෙම හා බැඳුණු මතකත්
යළිදු සිත නොම කරයි වල්මත්

