මේඝයකිනුත් නොසැළෙන
නුඹයි ඒ ලතා වැල
මා අනුව හැඩ ගැසුණ
සවිමත් සිතක් තිබුනද
එළියක් නොවුණි සියොළඟ
සුවඳැති මලින් සුසැදිව
සුන්දර කළා බඳ වට
පැවතිය හැකත් තනිවම
අරුතක් නොතිබි දිවියට
වටිනාකමක් දුන් නුඹ
රැකගමි මගේ පණ ලෙස
කුරා කුහුඹියෙකුටවත් ඇතුල් වන්නට නොදී
බලා ගත් මා සිතින්
ලැගුම් ගන්නට ඉඩක්
අයදිද්දි නුඹ ඇවිත්
සිය වරක් දහස්වර
සිතුවිලිත් මෙහා කර
සොයා ගත් ඇබින්දක්
වෙන් කලා නුඹට මම......
ඒ ඇබින්දත් අරන්
බිඳෙන් බිඳ
මුළු හිතම
අයිති කර ගනිද්දිත්
ඔහෙ බලා උන්නු මට
හිලව්වට නුඹේ ඒ මුළු හිතම
නොවේ .........
එහි යම් ඉඩක් වත් දෙන්න