Friday 20 July 2012

ළඟින් සිටියා නම්….



මඟ බලන ඒ කෝපි හලකට
ගොඩවැදී නැවතත්
සීනි නැති එක කෝපි බඳුනක්
බොන්න තිබුණා නම්….
ඔබ හා බොන්න තිබුණා නම්

රැයක් නැති මේ විසල් නගරේ
නොනිවි දැල්වෙන නියොන් එළි මැද
උරහිසේ ගෑවී නොගෑවී
යන්න තිබුණා නම්….
ඔබ හා යන්න තිබුණා නම්

මැයි ගසක රතු පලස වෙනුවට
සිත නිවන ලා රෝස පැහැගත්
සකුරා සෙවනේ ටික වෙලාවක්
ඉන්න තිබුණා නම්….
ඔබ හා ඉන්න තිබුණා නම්

ඇසිපියන් හල සැණින් නිමවෙන
විදුලි දුම්රියෙ ගමන් මඟ මට
කල්පයක් සේ දිගු නොවන්නට
ළඟින් සිටියා නම්…. 
ඔබ මා ළඟින් සිටියා නම්