Wednesday 26 October 2011

දයාබරයානෙනි.....

ප්‍රේමයේ අතපොත් තබා
මුලකුරු පසක් කර දෙනු රිසින්
මවෙත ආ ඇඳුරිඳු නුඹය ඒ
පුරවගෙන සිත සෙනෙහසින්

ඒ පෙමෙහි පරතෙර දකින්නට
නුඹේ මඟ පෙන්නුම් මතින්
යන්න අවනත නොවුණි මා සිත
බැලු නිසා පස්මහ බැළුම්

සිහිල් පැන් කලයක් ඉවත හල
ලෙසින් කෙන්දක් වූ බැවින්
නුඹේ සෙනෙහස නොපිලිගන්නට
උඩඟු විය සිත මානයෙන්

අඳුරු තිරපට ඉරා බැලුවිට
පමා වී මුත් බෝ ලෙසින්
දයාබරයානෙනි නුඹට මා
පෙම් කළා කවදත් සිතින්

Thursday 13 October 2011

නොවෙනස් වන ගුරු උතුමන්...


















වේවැල් පොල් ඉරටු නාරං සියඹලා අතූ
පෙන්වා නොමඟ යන දරුවන් ලෙසින් සිතූ
සැමදෙන යහමඟට ගන්නට පැතුම් පැතූ
ගුරු දෙවියන් වීලු පෙරකළ අප පිදිය යුතූ

සරමක් සමඟ අත් දිග කමිසයක් ඇඳන්
කුඩයක් අතින් ගෙන තව බෑගයක් අරන්
බොරළු පාරෙ පිය මනිනා ගුරු උතුමන්
පසු පස වැටී ගියාලු ඉස්කෝලෙ ළමුන්

තම අඩිපාරෙ ගියමුත් මඟ නැවතීලා
නොසිටනු ළමුනි යනු මාවද පහු කරලා
හෙට දින ලොවම දිනවන උගතුන් වීලා
වැජඹෙනු දකිනු රිසි මගෙ නෙතු පේවීලා

හැඳ පළදින විදියෙ පොඩි වෙනසක් වූවත්
තරවටු කරද්දී නඩු හබ පැටලූනත්
මඟ පෙන්වූ එවුන් මුල අමතක කෙරුවත්
ඉනිමං තනයි ගුරුවරු සිසුනට අදටත්